පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් සිදු වන ජාවාරම

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 14, 2022 11:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයේ හල්ග්‍රන්ඔය අඩවියට අයත් අති සංවේදී පරිසර කලාපයේ වටිනා ජල මුලාශ්‍ර ආශ්‍රිත ප්‍රදේශයක සංවිධානාත්මක ලෙස මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හල්ග්‍රන්ඔය අඩවි වන නිලධාරීන් පවසනවා.

මෙම පිරිස විසින් රක්ෂිතයට ඇතුලු වන මාර්ග අවට මුදලට ඔත්තුකරුවන් යොදා ගනිමින් ඉතාමත් සුක්ෂම ලෙස, අනවසරයෙන් රක්ෂිතයට ඇතුළු වී රක්ෂිතය තුළ පතල් හාරා මැණික් ගැරීමේ යෙදී සිටිය දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කරනවිට එම ස්ථානයේ සිටි පුද්ගලයන් තිදෙනෙකු පලා ගොස් ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් අඩවි වන නිලධාරීන් සදහන් කරනවා. මෙම වැටලීමේ දී, ගැරුම් වට්ටි, ඉල්ලන් කූරු ඇතුළු මැණික් ගැරීමට භාවිතා කරනු ලබන උපකරණ තොගයක්ද වනසංරක්ෂණ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වන නිලධාරීන් පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW