අද දිනයේ කරන්න තිබූ වැඩක් වහාම නතර කරයි.!!

Sri Lanka
By Aruna Jul 07, 2022 02:01 AM GMT
Aruna

Aruna

Report

සංවිධාන කිහිපයක නායකයන් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේ පිරිසකට කොළඹ අලුත්කඩේ උසාවියෙන් අඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අද (07) දින භික්ෂුන් වහන්සේ හා සර්ව ආගමික පූජකවරුන් ඇතුළු එම සංවිධානවල සමාජිකයන් සඳහා යි.

මෙම විරෝධතාකරුවන් පිරිස පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත - ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ අට්ටාලයක් සකස් කර අඛණ්ඩ ව රැඳි සිටීමට සූදානමක් ඇති බව සැළවීම නිසා යි පිටකොටුව පොලිස් ස්ථානාධිපති අලුත්කඩේ උසාවියෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

ඒ අනුව 'සුරකිමු ලංකා' ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, භූමි මාතා මනුසත් පදනමේ නිර්මාතෲ කළුබෝවිල පදුම හිමි ඇතුළු පිරිසකට අද දින අදාළ ස්ථානයට පැමිණීම තහනම් වනු ඇති. මෙම ආඥාව කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් බවත් දැනුම්වත් කෙරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now