අන්තරේ උද්ඝෝෂණයෙන් මහරගම OIC ටත් තුවාල (VIDEO)

Police maharagama inter university students fedaratiom
By Sithumi Aug 03, 2021 11:39 AM GMT
Sithumi

Sithumi

Report

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ අද (3) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණයේදී ඇතිවූ සිද්ධියකින් මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්,එච් ජනකාන්ත මහතා තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. 

උද්ඝෝෂණය අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසක් පොලිසියේ මාර්ග බාධකයක් ඔසවා පසෙකට විසි කිරීමට උත්සාහ දරා ඇති බවත් එම ක්‍රියාව වැලැක්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇඟිලි තුනකට හානි සිදුවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 

 තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වෛද්‍ය සේවා මධ්‍යස්ථානයට රැගෙනවිත් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමට පියවර ගත් බව එම මධ්‍යස්ථානය පවසයි. උද්ඝෝෂණය පැවැත් වුණු අවස්ථාවේදී ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා බාහිර පොලිසි වලින්ද නිලධාරීහු පිරිසක්ද පාර්ලිමේන්තු පිවිසුම අසලට කැඳවනු ලැබ සිටියහ. 

මෙසේ තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයාද එසේ කැඳවනු ලැබූ පොලිස් නිලධාරීන් අතර සිටි අයෙකු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ ශිෂ්‍යයන් මෙම උද්ඝෝෂණය කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙසට බලකරමිනි. 

මේ උද්ඝෝෂණය අවස්ථාවේදී සිසුන් කලබලකාරී ලෙස හැසිරීම නිසා ප්‍රදේශයේ මහත් නොසන්සුන් තත්වයක් ඇති වූ අතර සිද්ධිය පාලනය කිරීමට පොලිස් නිලධාරීන්ට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ප්‍රකෝපකාරී වූ සිසුන් පොලිසියේ මාර්ග බාධක පුවරු කිහිපයක්ද පෙරලූ අතර ඇතැම් සිසුන් මාර්ගයේ පඹයන් පුළුස්සමින් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බව පොලිස් නිලධාරීහු පවසති.


ReeCha