පොලීසිය ඉදිරිපිට පිරිසක් සිදුකළ දේ නිසා අත්අඩංගුවට ගනියි...

POLICE Sri lanka picket
By Sithumi Nov 26, 2021 03:48 PM GMT
Sithumi

Sithumi

Report

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 17 වනදා උද්ඝෝෂණයක නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකුව පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු පනාමුර පොලිස් ස්ථානයේදී ගෙල වැලලාගෙන මියගොස් තිබුණි. එම සිද්ධිය සැක සහිත බවත් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බවත් පවසමින් පිරිසක් විරෝධය පාමින් පනාමුර පොලීසිය ඉදිරිපිට, ඇඹිලිපිටිය, කොලොන්න, මිද්දෙණිය සහ රංචාමඩම යන ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්විය. 

   එහිදී විරෝධතාකරුවන් පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන පවත්වා හඳුනාගත් සැකකරුවන් 8 දෙනෙකු අද දින පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පැවසීය. 

 එම සැකකරුවන් අවුරුදු 21ත් 53ත් අතර වයස්වල පසුවන වැලිපොතයාය, වෑ අතුරු හා වලව්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ය. 

 සැකකරුවන්ව ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 10,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now