සියල්ලන්ගේ නෙතට කඳුළක් එක් කරමින්, පැය 20කට පසු මහත් පරිශ්‍රමයකින් වගා ළිඳට වැටුණු වන අලියා ගොඩ ගනී - සංවේදී දසුන් සහිතයි.. (VIDEO/PHOTOS)

Sri Lanka Elephant
By krishani Sep 05, 2023 02:28 PM GMT
krishani

krishani

Report

තිරප්පනය - වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියා පැය 20 කට පමණ පසු ගොඩට ගැනීමට වනජීවී නිළධාරීන් අද (05) පස්වරුවේ කටයුතු කළේ ය.

තිරප්පනය පොලිස් වසමේ වෙල්ල මුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට මෙම වන අලියා වැටුණේ ඊයේ (04) රාත්‍රියේ දී ය. 

ඒ සඳහා අද (05) දවස පුරා වන ජීවී නිළධාරීන් උත්සහ කළ ද පස්වරු 05.00 ට පමණ වන අලියා ගොඩට ගැනීමට හැකි විය.

මෙම වන අලියා තිරප්පනය, වෙල්ල මුදාව ගම්මානයේ නිවසක ගෙවත්තක තිබූ අනාරක්ෂිත වගා ළිදකට වැටුණේ ඊයේ(04) රාත්‍රී 8.00 ට පමණයි.

ඒ පිළිබඳව නිවැසියන් හා ගම්වාසීන් වන ජීවී නිළධාරීන් දැනුම්වත් කර ඇති අතර ඒ අනුව වන ජීවී නිළධාරීන් පැමිණ අදාළ ස්ථානය නිරීක්ෂණය කර ඇත.

අලියා නිරුපද්‍රිතව වගා ළිඳ තුළ සිටීම හේතුවෙන් අද දින (05) බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වගා ළිදෙහි බැම්ම කපා වන අලියා ගොඩට ගැනීමට සැලසුම් කර තිබිණ.

මෙම වගා ලිඳ අඩි 30 කට ආසන්න ගැඹුරකින් යුතු විශාල විහා ළිඳක් වේ.

අද පස්වරු 05 ට පමණ බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් වගා ළිඳ අසල පස් තට්ටුව ඉවත් කිරීම ආරම්භ කළ නමුත් වගා ළිඳෙහි පවතින ගැඹුර හේතුවෙන් පැය ගණනක් එම බැකෝ යන්ත්‍රයට මඟින් එම කටයුත්ත සිදු කිරීමට සිදු විය.

ඒ අනුව වගා ළිඳ තුළ වන අලියා පැය 20 කට වැඩි කාළයක් රැදෙමින් වගා ළිඳෙන් ගොඩ ඒමට උත්සහ දරමින් රැඳී සිටියේ ය.

ඊයේ (04) රාත්‍රී 8.00 පමණ සිට වගා ළිඳ තුළ සිට ගොඩට ඒමට උත්සහ කළ වන අලියා අද (05) පස්වරුව වන විට වල තුළ එහා මෙහා ගොස්, ගොඩට ඒමට උත්සහ දැරීමෙන් හෙම්බත් වී සිටින අයුරු ද දැකගත හැකි විය.

මෙම වන අලියාගේ එක් ඇසක් තුවාල වී ඇති අතර, වගා ළිඳට වැටෙන අවස්ථාවේ එහි තිබූ කෝටුවක් ඇනීමෙන් ඇස තුවාල වන්නට ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

පළමුව කුඩා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ළිං බැම්ම අසල කපා අලියා ගොඩට ගැනීමට උත්සහ කළ ද, පැය කීපයක උත්සහයකින් පසු එය අතැහැර දැමුවේ ළිදෙහි පවතින ගැඹුර හේතුවෙන් එම බැකෝ යන්ත්‍රය මගින් පැය ගණනක් බැණීම කැපීමට සිදු වීම හේතුවෙනි.

ඒ වෙනුවට ඊට වඩා ප්‍රමාණයෙන් විශාල බැකෝ යන්ත්‍රයක් ගෙන ඒමට පසුව වන ජීවී නිළධාරීන් කටයුතු කළ අතර, පස්වරු 05.00 ට පමණ වගා ළිඳට වැටුණු වන අලියා ගොඩට ගැනීමට හැකි විය.

වගා ළිඳෙන් ගොඩට පැමිණි වන අලියා කල්ලමුදාව රක්ෂිත ප්‍රදේශයට දිව ගිය අතර වගා ළිඳට වැටුණු වන අලියා දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටියේ ය.

කෙසේ වෙතත්, අලියා ගොඩට එන අවස්ථාවේ දී එම පිරිස වගා ළිඳ අසලින් ඉවත් කර ගැනීමට වන ජීවී නිළධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදු විය.

එම විඩියෝ දර්ශන පහතින් නරඹන්න,


පැය 20කට වඩා වගා ළිඳක කොටු වී සිටින වන අලියෙක් - ගොඩ ගන්න දැඩි පරිශ්‍රමයක්.. සංවේදී දසුන් සහිතයි.. (PHOTOS/VIDEO)

පැය 20කට වඩා වගා ළිඳක කොටු වී සිටින වන අලියෙක් - ගොඩ ගන්න දැඩි පරිශ්‍රමයක්.. සංවේදී දසුන් සහිතයි.. (PHOTOS/VIDEO)


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha