ඝාතනය වූ චාලි කර්ක්ගේ වෙඩි තැබීමට සැකකරන පුද්ගලයාගේ ඡායාරූප පෙළක් මුදාහරියි

Report

සාහසික වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වූ චාලි කර්ක්ට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ ඡායාරූප පෙළක් FBI මඟින් මේ වනවිට මුදාහැර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවට සැකකරන අධි බලැති රයිෆලයක් එරට පොලීසිය විසින් දැනටමත් සොයාගෙන ඇති බව සඳහන්.

එහෙත් මෙතෙක් ඝාතකයා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් හෙළි කරගැනීමට හැකි වී නොමැති බව සඳහන්.

ට්‍රම්ප්ගේ තරුණ දේශපාලන යෝධයා වූ චාලි වෙඩි ප්‍රහාරයකින් මරුට

ට්‍රම්ප්ගේ තරුණ දේශපාලන යෝධයා වූ චාලි වෙඩි ප්‍රහාරයකින් මරුට

වයස අවුරුදු 31 වන වියේ පසු වූ චාලි කර්ක්, යූටා හි විශ්වවිද්‍යාලයක දේශනයක් වෙනුවෙන් එක්ව සිටියදී ඔහුගේ ගෙල ආසන්නයට මෙම සාහසික වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

එසේම එම වෙඩිතැබීමට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගෙන තිබුණ ද අනතුරුව ඔවුන් මුදාහැර ඇත.

චාලි කර්ක් යනු අමෙරිකා එක්සත් ජනපදයේ කන්සර්වේටිව් පක්ෂයේ බලවත් දේශපාලන ක්‍රියාකාරිකයෙකු වේ.

මේ අතර චාලි කර්ක්ගේ ඝාතනය පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ශෝකය පළ කර තිබූ අතර, එළඹෙන ඉරිදා සවස 6.00 වන තෙක් එක්සත් ජනපදයේ ධජ අඩකුඹු කිරීමට නියෝග කර ඇති බව ද සඳහන්.

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා