හෙට රජයේ බැංකු සේවකයින් කොළඹට
රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට විරුද්ධව සහ තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් හෙට (12) දින විරෝධතාවයක නිරත වන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.
එබැවින් ඔවුන් හෙට දින කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වීමට නියමිතව ඇති බව පවසයි.
එසේම මේ වන විටත් අත්තනෝමතික ආකාරයට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් රට පුරා ක්‍රියාත්මක කර තිබෙන අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එළඹෙන 15 වන දින සිට තවදුරටත් තීව්‍ර කරන බව විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි.
එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රජය මඟින් මේ වන තෙක් සිය ගැටලු වෙනුවෙන් නිසි විසඳුම් ලබා නොදීමයි.