කරන්දෙනියේ බිහිසුණු ඝාතනයක්, මව සහ පුතු කපා කොටා මරා දමයි
By Kaushi
කරන්දෙනිය පොලිස් වසමේ කොටව ප්‍රදේශයේ දී මවක සහ පුතෙකු කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් සිය නිවෙස තුළ සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති බව සඳහන්.
මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 75ක් වන කාන්තාවක් සහ වයස අවුරුදු 25 හැවිරිදි තරුණයෙක් බව පවසයි.
එමෙන්ම ඝාතනය වූ තරුණයා පාසල් ළමුන් ප්‍රවහනය කරන ත්‍රීරෝද රථ රියදුරෙකු බවද වාර්තා වේ.
එසේම තවමත් මෙම ඝාතනයට හේතුව හෝ ඝාතනය සිදු කළේ කවුරුන්ද යන තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බව පොලීසිය වාර්තා කරයි.
මේ අතර කරන්දෙනිය පොලිසිය මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පවසයි.