විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට සුබ ආරංචියක්
විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු විසඳීම වෙනුවෙන් යම් කාල රාමුවක් අවශ්‍ය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අඳාළ ගැටළු විසඳීමට අවශ්‍ය ඇතැම් පියවර දැනටමත් ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.
මහින්ද ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන්, මහාභාණ්ඩාගාරය, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග ඊයේ (10) දින පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
කෙසේ වෙතත් මේ වන විට පවතින විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව හේතුවෙන් බොහෝ විශ්‍රාමිකයන් පිරිසක් පීඩාවට පත්ව ඇත.