සල්ලියි තෑගියි දෙනවා කියලා OTP ඉල්ලගෙන බැංකු ගිණුම් සුද්ධ කරලා, විශාල වංචාවක්

Report

අන්තර්ජාලය ඔස්සේ දුගී ජනතාවට උදව් කරන බව කියමින් මිලියන 12 ට අධික මුදල් සහ තෑගි ලබා දෙන බව පවසා ජනතාව රවටමින් OTP අංක ලබාගෙන බැංකු ගිණුම්වල තිබෙන මුදල් වංචනික ආකාරයට ලබා ගැනීමේ ජාවාරමක් මේ දිනවල බහුලව සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අද ( 11) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට දන්වා සිටි‍යේ අන්තර්ජාලය හරහා ත්‍යාග සහ මුදල් ලබා දෙන බව පවසමින් නයිජීරියානු කණ්ඩායමක් මඟින් පවත්වාගෙන නයිජීරියානු ව්‍යාජ ස්කෑම් ජාවාරමට මෙරට බොහෝ ජනතාව නොදැනුවත්කම හේතුවෙන් හසු වී ඇති බවයි.

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

එසේම මෙම සිද්ධියට අදාළ සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශනය ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු වන නයිජීරියානු ජාතික ක්‍රිස්ටෝප ඉකෙක්ටකානු 25 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මේ අතර එම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වෙනුවෙන් මෙරට සිටින ඇතැම් පුද්ගලයන්ගේ සහයෝගතාවය යටතේ මෙම ජාවාරම සිදුවන බවත් එම පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

ඒ අනුව අන්තර්ජාලය හරහා දුගී ජනතාවට උදව් කරන බව පවසමින් තෑගි මුදල් සහ මුදල් ලබා දෙන බවට පවසා ජනතාව රවටමින් OTP අංක ලබාගෙන බැංකු ගිණුම්වල තිබෙන මුදල් වංචනික ආකාරයට ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

එබැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා මෙන් ද නියෝග කර තිබෙනවා.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක