හිටපු ජනපති රනිල් බිරිදගේ උපාධි ප්‍රධානයේදී බැල්කනියේ සිටි ඡායාරූපය නිකුත් වෙයි

Report

හිටපු ජනපති රනිල් බිරිදගේ උපාධි ප්‍රධානයේදී බැල්කනියේ සිටි ඡායාරූපය මාධ්‍යට නිකුත් ව තිබේ.

හිටපු ජනපති රනිල් බිරිදගේ උපාධි ප්‍රධානයේදී බැල්කනියේ සිටි ඡායාරූපය නිකුත් වෙයි | Photo Of Ranil S Wife On Balcony Released

හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදාන උත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනයට ගමන් කිරීමේදී රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.

එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය වසරේ අගෝස්තු මස 22 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා එදින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසු, කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් යටතේ ඔහු මුදාහැරීමට නියෝග කර තිබුණි.

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - දරුවකුට අසාධ්‍යයි

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - දරුවකුට අසාධ්‍යයි