ජංගම දුරකථන දැනෙන ගානකින් මිල අඩු වෙයි - IPhone 14pro max රුපියල් 125,000කින් පහළට.. ජංගම දුරකථනවල මිල අඩු වන්නේ මෙහෙමයි.. (VIDEO)
ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ජංගම දුරකථනවල මිල පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.
ඒ ඊයේ (9) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ, ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ පහළ යනු ඇති බව ය.
එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ,
"හැමෝම දන්නවා දැන් ඩොලරය අඩුවෙලා තියෙනවා.ඉතින් අපි සියයට 20කින් ජංගම දුරකථන සහ ඒ හා සම්බන්ධ උපාංගවල මිල අඩුකරන්න තීරණය කළා.මොකද අපි ජනතාව පිටට බර දැම්මා වගේම තමයි, ජනතාවට දීපු බර ඩොලර් එක අඩුවෙද්දී අඩුකරන්න ඕන.
එහෙම නැත්නම් ඒක අයථා ව්‍යාපාරයක් වෙනවා.යාපනයේ ඉඳලා මාතර දක්වා සැළකිය යුතු සාමාජිකයින් පිරිසක් ඉන්නවා.ඒ හැමෝම ඒකමතිකව තීරණය කරලා තියෙනවා මේ මිල අඩුකිරීමට."
කෙසේවෙතත්, මේ වන විට IPhone 14 Pro max වර්ගයේ දුරකතනයක් රුපියල් 375,000ක මුදලකට ලබාගත හැකි ය.
එය පසුගිය කාලසීමාවේ රුපියල් ලක්ෂ 5 ඉක්ම වූ මුදලට අලෙවි විය.
එය 30-35% ප්‍රතිශතයකින් මිල පහල යාමක් බවත් පැවසූ ඒ මහතා කුඩා ප්‍රමාණයේ දුරකථන විශාල ප්‍රතිශතයක් අඩු මිල පහළ ගිය ද එය නොදැනෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
විඩියෝ දර්ශන - Ada Derana