එන්නත් සොරකම ගැන දුරකථන විශ්ලේෂණ වාර්තා කැදවයි
galle
vaccination
habaradhuva
unavatuna
phone history
By Sewvandhi
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තිබූ රුපියල් 90,000ක් පමණ වටිනා සයිනොෆාම් එන්නත් 30ක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව දුරකථන අංක 9ක ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් අදාළ දුරකථන සමාගම්වලින් කැදවීමට අධිකරණය අද පොලීසියට නියෝග කළා.
ඉදිරි විමර්ශන සඳහා එම දත්ත අවශ්‍ය බවට හබරාදූව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනුයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් එන්නත් ප්‍රවාහනය කළ රථයේ රියදුරු, එන්නත් භාරව ගිය පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ සුළු සේවකයෙකු ඇතුළු දස දෙනෙකුගෙන් පමණ මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |