සෞඛ්‍ය අංශ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි..

Sri Lanka Healthy Vaccines Phi
By Aruna Sep 13, 2021 07:50 AM GMT
Aruna

Aruna

Report

එන්නත්කරණය සිදුකිරීමේ දී බලපෑමක් සිදු නො කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර, වයස අවුරුදු 15ට වැඩි මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ලබන මස මුල සිට එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ, පාසල් නැවත ආරම්භ කිරීම සඳහා ද අවශ්‍ය මාර්ගෝපදේශ ලබන 17 වැනි දා වෙනවිට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ලබාදීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කළේ, විදෙස්ගත වීමට අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ පුද්ගලයින්ට අවශ්‍ය කරන එන්නත් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

කිසිදු තෝරා ගත් එන්නතක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවත් ඒ සදහා බලපෑමක් නො කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha