PHI වරයෙකුට පහරදී පුද්ගලයෙකු කෙළගසයි...අනතුරුව ඔහුට සිදුවූ දේ..

Covid Police arrested Phi to disturb Giriulla
By Aruna Aug 04, 2021 01:56 AM GMT
Aruna

Aruna

Report

ගිරිඋල්ල පුස්කොළදෙනිය ප්‍රදේශයේ කොරෝනා බවට සැක කරන පුද්ගලයකුගේ නිවසට රාජකාරිය සඳහා ගිය මහජන පරීක්ෂක වරයෙකුට එම නිවසේ සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු පහරදී කෙළගැසී මේ සිද්ධියකට එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ගතවූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 53143ක් වන බවයි.

එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 13කදී සිදුකළ පරීක්ෂාවන්වලදී පුද්ගලයන් 5494 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

පුද්ගලයන් 133ක් පළාත් සංචරණ මායිම් උල්ලංඝණය කර ගමන් කිරීමට පැමිණීමේදී පැමිණි වාහන 53ක් ද සමග අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබෙනවා.

පොලිසිය දැනුම් දෙන්නේ මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha