සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටි දෙයක් අද දිවයිනට

America covid19 vaccine vaccination pfycer
By Sewvandhi Aug 30, 2021 01:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 124,000ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ.  වාර්තාකරු පැවසුවේ අද (30) අලුයම එම එන්නත් තොගය රැගත් ගුවන්යානය පැමිණි බවය.

මේ අතර,කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරනු ලැබ ඇත.

ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ලබා දීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු රජය මෙම පියවර ගෙන ඇත.

එලෙස එන්නත ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරුද හිතාමතාම ලේඛනවලට ඇතුළත් කර නොමැති බව හෙළිදරව් වී ඇත. සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති පුත්තලම හලාවත කොක්කාවිල මධ්‍යස්ථානයකදීද පිටස්තර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබාදී ඇතැයි පසුගියදා තොරතුරු හෙළි විය

. ෆයිසර් එන්නත මින් ඉදිරියට යුද හමුදාවේ මූලිකත්වයෙන් ජනතාවට ලබාදෙන බවත් එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකුට ෆයිසර් එන්නත ලබානොදෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

ඇමරිකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් කොවැක්ස් පදනම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමුවේය.

එමෙන්ම,කොවිඩ් එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය මාස 06ක පමණ කාලයකට පසු කෙමෙන් දුර්වල වීමට පටන් ගන්නා බව බ්‍රිතාන්‍යයේ කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

මේ බව හෙළි වී ඇත්තේ ෆයිසර් සහ ඇස්ට්‍රසෙනෙකා එන්නත් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකින්. මේ නිසා මෙම එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාව මතු වන බව විශේෂඥයන්ගේ අදහසයි. ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී මාසයකට පසු එහි ඵලදායිතාව සියයට 88ක් වුවත්, මාස 5 – 6 අතර කාලයකට පසු එය සියයට 74ක් දක්වා අඩු වී තිබූ බවයි වාර්තා වන්නේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මුල් ඵලදායීතාව සියයට 77ක් වූ අතර මාස 4 – 5 කාලයකට පසු එය සියයට 67 දක්වා අඩු වී තිබූ බව සඳහන්.

කෙසේ නමුත් මෙම තොරතුරු අදාළ වන්නේ ඉහළ වයස් කාණ්ඩවල අය සම්බන්ධයෙන් පමණක් බවද මෙම අධ්‍යයනය සිදු කළ කණ්ඩායම පවසා තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now