තවත් කේෂ්ත්‍ර 05ක් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය
මෙරට කේෂ්ත්‍ර 05ක් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාව තෙවන මාත්‍රාවක් ලෙස ලබාදීමට මෙරට සෞඛ්‍ය බලධාරීන් අද දිනයේදී තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ මෙලෙස 03 වන මාත්‍රාව ලබාදීම පහත දැක්වෙන කේෂ්ත්‍ර සඳහා ලබාදීම සිදුකරනු ලබන බවයි.
* ඇස්ට්‍රාසෙනිකා හෝ සයිනෝෆාම් එන්නත පළමු සහ දෙවන මාත්‍රාව ලෙස ලබා ගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා.
* නිධන්ගත රෝග වලින් පෙළෙනු ලබන වයස අවුරුදු 30-60ත් අතර පසුවන පුද්ගලයින්ට
* වකුගඩු සහ පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට
* සෞඛ්‍ය සේවකයින්ට
* ඉදිරිපෙළ සේවා කටයුතුවල නියැලෙන පුද්ගලයින්ට
මෙලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව තෙවන මාත්‍රාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන්ම, ලේඛනගත ක්‍රමය ඔස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලියාපදිංචි සඳහා ඉදිරිපත් කළ ලිපිගොනු සුරක්ෂිතව පවතින බව එම අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවත්ත මහතා සඳහන් කර ඇත්තේ, ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ ලිපිගොනු 13 ඇතුළු කොවිඩ් ආශ්‍රිත උපකරණවලට අදාළව යොමුකළ සියලු ලිපිගොනු සුරක්ෂිත බවය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිළිබඳ අසත්‍ය තොරතුරු රැසක් මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව සඳහන් කරමින්, සභාපතිවරයා එම නිවේදනයේ නිකුත් කර තිබේ. ඒ අනුව, ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පළමු හා දෙවන පියවර සම්පූර්ණ කළ අයදුම් පත්‍ර 13ක් ලේඛනගත ක්‍රමය ඔස්සේ තුන්වන හා හතරවන පියවර සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් ව ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
පළමු පියවර ලෙස දේශීය නියෝජිත ආයතනය ලියාපදිංචි කිරීමත් දෙවන පියවර ලෙස අදාළ නිෂ්පාදකයාගේ නිෂ්පාදන පරිශ්‍රය ලියාපදිංචි කිරීමත් සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
එමෙන්ම තුන්වන පියවර ලෙස ලියාපදිංචි ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන සාම්පල ආනයනය සඳහා සාම්පල බලපත්‍ර නිකුත් කිරීමත් හතරවන පියවර ලෙස එකී නිෂ්පාදන පරිශ්‍රයේ නිෂාපදනය කරනු ලබන වෛද්‍ය උපකරණ ලියාපදිංචියත් බව එහි සඳහන්ව තිබේ.
ඒ අනුව ඉදිරිපත් වු අයදුම්පත්‍රවලට අදාළව උපකරණ සාම්පල ක්‍රියාකාරීත්වය ඇගයීම, නියමිත විද්‍යායතන මඟින් සිදුකිරීමෙන් පසු වෛද්‍ය උපකරණ ලියාපදිංචි කිරීමේ තාක්ෂණික කමිටුව හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව අයදුම්පත් 4ක් සඳහා ලියාපදිංචිය ලබාදී ඇත.
තාක්ෂණික ඇගයීමේ දී අදාළ නිර්ණායක සම්පූර්ණ නොකළ අයදුම්පත්‍ර 6ක් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
අයදුම්පත්‍ර තුනකට අදාළව තවදුරටත් ඇගයීම් කටයුතු සිදුවෙමින් පවතින බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


