ඉන්දන අර්බුදය විසදීමට පියවර...

By Sithumi May 12, 2022 06:23 PM GMT
Sithumi

Sithumi

Report

 අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබූ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් මේ වන විට බෙදාහැරීම් සිදුවන්නේ පෙට්‍රල් පමණක් වන අතර ඩීසල් තොග අවම මට්ටමක පැවතීම නිසා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය ඉවත් කළහොත් විදුලි ඉල්ලුම ඉහළයාමෙන් දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව පැය 5ක් දක්වා ඉහළ යා හැකි බවයි. දිවයිනටම පනවා තිබූ ඇඳිරිනීති කාලසීමාව ලිහිල් වූ අද උදෑසන කාලයේදී ඉන්ධන ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මේ වනවිට පෙට්‍රල් පමණක් බෙදා හැරෙන අතර ඩීසල් තොග හිඟවීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. සමස්ත ලංකා ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ මේ වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යථාවත් කිරීමට පියවර ගනිමින් සිටින අතර අද උදෑසන වනවිට මුතුරාජවෙල සහ කොළොන්නාව පර්යන්ත සඳහා ඉන්ධන ප්‍රවාහනයට ටැංකි රථ 80%ක් පමණ වාර්තා කර තිබූ බවයි.

ගෑස් නොමැතිවීම හේතුවෙන් ද ජනතාව අපහසුතාවට පත්වුණා. ලිට්‍රෝ සමාගම පවසන්නේ පොලීසියේ ආරක්ෂාව මත කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස වෙත ගෑස් බෙදා හැරීම අදත් සිදුකෙරුණු බවයි. වාණිජ කටයුතු සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩව සිදුකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නකුත් කරමින් සඳහන් කළේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි බිඳවැටුම් යථාවත් කිරීම සඳහා අවශ්‍ය වාහන යෙදවීම සීමා කිරීමට සිදුවී ඇති බවයි. මේ හේතුවෙන් බිඳවැටීම් යථාවත් කිරීමේ ප්‍රමාදයන් සිදුවිය හැකි බව එම මණ්ඩලය පෙන්වා දෙනවා. මේ අතර හෙට සහ අනිද්දා යන දිනවල පැය 3යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. 

කෙසේවෙතත්, දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය ඉවත් කළහොත් විදුලි ඉල්ලුම ඉහළයාම හේතුවෙන් දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව පැය 5ක් දක්වා ඉහළ යා හැකි බවයි එම කොමිසම සඳහන් කළේ. බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත්ව නොවීම සහ අතිරේක විදුලි ඉල්ලුම සපුරාලීමට නොහැකිවීම ඊට හේතුවයි.