සහල් ආනයනයට විශේෂ බලපත්‍ර දුන්නේ නෑ.. හේෂාගේ ප්‍රශ්නෙට වසන්තගෙන් මැති සබේ හෙල්ලෙන පිළිතුරක්
රට තුළ පැවති දැඩි සහල් හිඟය පියවීමට සහල් ආනයනය කිරීමට පියවර ගත් බවත්, ඉකුත් පාලන සමයන්හිදී මෙන් කිසිදු පුද්ගලයෙකුට සහල් ආනයනයට විශේෂ බලපත්‍ර ලබාදීමට කටයුතු නොකළ බවත් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පවසා ඇති බව වාර්තා වේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඒ අනුව හේෂා විතානගේ මහතා ප්‍රශ්න කර සිටියේ, 2024 වසර සහල් ආනයනය කරන අවසන් වසර බවට අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබියදීත්, 2025 වසරේදී මෙට්‍රික් ටොන් 180,000ක සහල් තොගයක් ආනයනය කළේ මන්ද යනුවෙන්.
එසේම කීරි සම්බා වෙනුවට මෙට්‍රික් ටොන් 64,000ක් ගෙන්වූ බව පැවසුවද, මෙරට නිෂ්පාදනය කළ හැකි අනෙකුත් සහල් වර්ග ද ආනයනය කර ඇත්තේ අතීතයේ මෙන් ජාවාරම්කරුවන්ට මුදල් ඉපැයීමට ඉඩ සලසමින් දැයි මන්ත්‍රීවරයා විමසා ඇත.
නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි අලුත් බැංකු ගිණුම් ඇරඹීම ඇතුළු සේවා රැසකට මේ සහතිකය අනිවාර්යයි - නිවේදනයක්
එයට පිළිතුරු වශයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, 2024 වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් සිට 2025 මාර්තු දක්වා කාලය තුළ මෙරට සහල් නිෂ්පාදනයේ විශාල අඩුවක් පැවති බවත්, එම හිඟය පියවා ගැනීමට මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූහතර දහසක පමණ සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමට රජයට සිදු වූ බවයි.
එමෙන්ම පසුගිය රජයන් මෙන් හිතවතුන්ට සහල් ගෙන්වීමේ බලපත්‍ර බෙදාදීමට සිය රජය කිසිසේත්ම කටයුතු නොකළ බව අවධාරණය කළ අමාත්‍යවරයා, ආනයන සීමා ලිහිල් කර කිලෝවකට රුපියල් 65ක බද්දක් යටතේ නිශ්චිත කාලසීමාවක් තුළ ඕනෑම අයෙකුට විවෘතව සහල් ආනයනය කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දුන් බව ද සඳහන් කර ඇත.
එබැවින් ස්වර්ණ නාඩු, කීරි පොන්නි සහ GR 11 වැනි සහල් වර්ග ආනයනය කරමින් රට තුළ පැවති හිඟය සාර්ථකව පාලනය කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.