ඉන්දන හිඟයක්? ජනතාව බියෙන් බැරල් ගණන් ඉන්දන රැස් කරති
ඉන්ධන හිගයක් ඇති වන බවට පැතිර යන රාවයත් සමග නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනිමට දිගු පොලිම් වල (20) දින රැදි සිටියහ.
රථ වාහන වලට මෙන්ම කුඩා කැන් සහ ලොරි රථවල පැටවු බැරල් වලින් ඉන්ධන රැගෙන යාමට විශාල පිරිසක් නුවරඑලිය වටරවුම් පාර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට පිරිස් එක්රැස්වි සිටියේ.
රථ වාහන රියදුරන් කියා සිටියේ තම වාහනයට ඉන්ධන ලබා ගැනිමට පැය කිහිපයක් ඉන්ධන පිරවුම්හල් අසල රැදි සිටිමට සිදු වු බවයි.
අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔහු පැවසීය.
එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. නිරෝධායන ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.
එම වීඩියෝව පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
