ඛනිජ තෙල් අලුත් සභාපති මෙන්න. - සුබ මොහොතින් වැඩ අරඹයි. - (PHOTO)
Ceylon Petroleum Corporation
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජානක රාජකරුණා පත් කර තිබෙනවා.
ඒ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
ඔහු ඊයේ (26) බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබුණා.
ජානක රාජකරුණා ඛනිජතෙල් පර්යන්ත සමාගමේ පර්යන්ත කළමනාකරුවකු ලෙස පහුගිය කාලයේ සේවය කල පළපුරුදු නිලධරයකු වන අතර, ජාතික සම්පත් රැකගැනීම වෙනුවෙන් කටයුතු කළ වෘත්තීය සමිති නායකයෙක්ද වේ.