මේ නව හැඳුනුම්පත මුද්‍රණය කිරීම තවදුරටත් ප්‍රමාදයි.. හැඳුනුම්පතක් හදිසි තත්ත්වයේ සිටින අයට වෙනත් ක්‍රමවේදයක්
බුද්ධශාසන කටයුතු අමාත්‍යංශය මඟින් භික්ෂූන් වහන්සේලාගේ නව හැඳුනුම්පත මුද්‍රණය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව පවසන බව වාර්තා වේ.
ඒ අනුව බුද්ධශාසන කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර විසින් එම හැඳුනුම්පත මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රා යන්ත්‍රය මිලදී ගැනීමේ අවශ්‍යතාවක් පැවැතීම නිසා එම හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රමාද වන බව සඳහන් කර ඇති බව පවසයි.
එසේම ඔහු කියා ඇත්තේ භික්ෂූන් වහන්සේලාට මීට පෙර නිකුත් කරනු ලැබුවේ කාඩ්පතක් වන අතර එය මුද්‍රණය කළ මුද්‍රා යන්ත්‍රයෙහි අවශ්‍ය දත්ත සහ ලාංජන පැහැදිලි නොවීම හේතුවෙන් මෙසේ නව යන්ත්‍රයක් මිලදී ගැනීමට සිදුව ඇති බවයි.
එහෙත් හැඳුනුම්පතක් හදිසි තත්ත්වයේ සිටින භික්ෂූන් වහන්සේලා හට වෙනත් ක්‍රමවේදයකින් හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව ද බුද්ධශාසන අමාත්‍යංශය සඳහන් කරන බව වාර්තා වේ.
ඒ අනුව නිරවුල් දත්තවලින් සමන්විත, රජය පිළිගත්, ඕනැම ස්ථානයකදී අනන්‍යතාවය හෙළිකළ හැකි නව මුහුණුවරකින් යුතු හැඳුනුම්පතක් භික්ෂූන් වහන්සේලාට නිකුත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දීමට අවශ්‍ය කටයුතු ඉකුත් වසරේ සිට සම්පාදනය කළ අතර මහනායක හිමිවරුන්ගේ මග පෙන්විම මත එයට අවශ්‍ය දත්ත, විද්‍යාත්මක තොරතුරු කළමනාකරණය කිරිමද සිදු විය.
තවද එම අමාත්‍යංශය අවධාරණය කර ඇත්තේ භික්ෂූන් වහන්සේලා සමාජයේ සක්‍රිය කටයුතුවල නිරතවන අවස්ථාවලදී සේම අධ්‍යාපන අධ්යක්ෂවරු, ගුරුවරුන්, ශිෂ්‍යයන් ලෙස කටයුතු කිරීමේදී නිරවුල් දත්තවලින් සමන්විත රජය පිළිගත් ඕනැම තැනකදී අනන්‍යතාවය හෙළි කිරීමට හැකි හැඳුනුම්පතක් භික්ෂූන් වහන්සේලා සතුවිය යතු බවයි.