දීපාවලී වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් - 'අන්ධකාරය පරදා ආලෝකය ජයගන්නා දිනයක්

Report

අන්ධකාරය පරදා ආලෝකය ජයගැනීමත්, අයහපත පරදා යහපත ජයගැනීමත් සංකේතවත් කරන දීපාවලී උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සිය සුබපැතුම් එක් කර තිබේ.

දීපාවලී උත්සවය යනු ආධ්‍යාත්මික පවිත්‍රතාව, සාමය සහ මනුෂ්‍යත්වයේ වටිනාකම් පිළිබිඹු කරන උතුම් ආගමික මංගල්‍යයක් බව අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙයි.

නිවෙස් ආලෝකමත් කරමින් පහන් දල්වන මෙම උතුම් දිනය, මිනිස් සිත් තුළ පවතින ද්වේෂය, ඊර්ෂ්‍යාව සහ අවිද්‍යාව වැනි අඳුරු සිතුවිලි දුරු කර ප්‍රඥාව, කරුණාව සහ මනුෂ්‍යත්වය වැනි යහපත් ගුණාංග ජීවිතයට ළඟා කරගැනීමේ වැදගත්කම සිහිපත් කරන බව ද ඇය සඳහන් කරයි.

බහුජාතික හා බහුආගමික රටක් වන ශ්‍රී ලංකාව තුළ දීපාවලී උත්සවය සැමරීම, ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහජීවනය, සංහිඳියාව සහ සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමට ලැබෙන වටිනා අවස්ථාවක් බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබේ.

විවිධ ජාතීන්ට හා ආගම්වලට අයත් වුවද, එකම මව්බිමක සහෝදර ජනතාවක් ලෙස සංස්කෘතික හා මානුෂීය බැඳීම් ශක්තිමත් කරගනිමින්, බෙදීම් පසෙකලා එකමුතුවෙන් ඉදිරියට යාමට දීපාවලී උත්සවය නව අධිෂ්ඨානයක් ලබාදෙනු ඇතැයි ද ඇය සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙවර දීපාවලී උත්සවය ශ්‍රී ලංකාවාසී මෙන්ම ලොව පුරා වෙසෙන සියලුම හින්දු බැතිමතුන්ගේ ජීවිතවලට සතුට, සාමය, සෞඛ්‍යය, සෞභාග්‍යය සහ නව බලාපොරොත්තු උදාකරන ආශීර්වාදමත් මංගල්‍යයක් වේවායි අග්‍රාමාත්‍යවරිය සිය හෘදයාංගම සුබපැතුම් එක් කරමින් ප්‍රාර්ථනා කර තිබේ.

දිස්ත්‍රික්ක 18කට හදිසි 'ඇම්බර්' වර්ණ අනතුරු ඇඟවීමක් - හෙට අලුයම වෙනකම් දැඩි අකුණු සහ තද වැසි අවදානමක්

දිස්ත්‍රික්ක 18කට හදිසි 'ඇම්බර්' වර්ණ අනතුරු ඇඟවීමක් - හෙට අලුයම වෙනකම් දැඩි අකුණු සහ තද වැසි අවදානමක්

අමෙරිකා මැතිවරණ පරාජයෙන් පසු ලෝක බොරතෙල් මිල එකපාරටම කඩාවැටෙයි - WTI සහ Brent මිල 9%කින් පහළට

අමෙරිකා මැතිවරණ පරාජයෙන් පසු ලෝක බොරතෙල් මිල එකපාරටම කඩාවැටෙයි - WTI සහ Brent මිල 9%කින් පහළට

Gallery