ලොව සුප්‍රකට ඩුකාටි සමාගමෙන් ඉන්දියාවට අලුත් යතුරුපැදියක් - ඩුකාටිගේ අලුත්ම තුරුම්පුව එළියට

Report

ලොව ප්‍රසිද්ධ යතුරුපැදි නිෂ්පාදකයෙකු වන Ducati සමාගම සිය නවතම Desmo450 EDX යතුරුපැදිය ඉන්දීය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

එහි මිල ඉන්දීය රුපියල් ලක්ෂ 18.55ක් (Ex-showroom) ලෙස නියම කර ඇති අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වා දීමෙන් මාසයකටත් අඩු කාලයකදී ඉන්දියාවට මෙම මාදිලිය හඳුන්වාදීම විශේෂත්වයකි.

Enduro සහ Cross-country ධාවනය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම යතුරුපැදිය, මාර්ගයෙන් බැහැර දුෂ්කර භූමි ප්‍රදේශවල ධාවනයට ගැළපෙන පරිදි වැඩිදියුණු කර තිබේ.

එන්ජිම සහ කාර්යසාධනය

මෙම යතුරුපැදියට 449.6cc ධාරිතාවයකින් යුත් තනි සිලින්ඩර එන්ජිමක් ඇතුළත් කර ඇත. එමගින් අශ්වබල 63.5ක උපරිම බලයක් සහ 53.5Nmක උපරිම ව්‍යාවර්තයක් නිපදවයි.

එහි Ducati සමාගමේ විශේෂ Desmodromic Valve පද්ධතියද ඇතුළත් වන අතර, එය එන්ජිමේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට දායක වේ.

කුකුළන් කා කා මහත් වූ උකුස්සියට පියාඹන්නත් බැරි වෙලා - පුදුම සිදුවීමක් වර්ජිනියාවෙන්

කුකුළන් කා කා මහත් වූ උකුස්සියට පියාඹන්නත් බැරි වෙලා - පුදුම සිදුවීමක් වර්ජිනියාවෙන්

නිර්මාණය සහ තාක්ෂණික පහසුකම්

ඉන්ධන ටැංකියේ ධාරිතාව ලීටර් 8.5ක් දක්වා වැඩි කර ඇති අතර, දුෂ්කර මාර්ගවල ධාවනයට ගැළපෙන Pirelli Scorpion XC Mid-Soft ටයර් යොදා තිබේ.

ඉන්ධන නොමැති අවස්ථාවේ යතුරුපැදියේ බර කිලෝග්‍රෑම් 107.1කි. එහි චැසිය සහ Showa සස්පෙන්ෂන් පද්ධතියද Enduro ධාවනයට ගැළපෙන පරිදි සකස් කර ඇත.

මීට අමතරව Traction Control, Launch Control, Engine Brake Control සහ Bi-directional Quickshifter වැනි නවීන තාක්ෂණික පහසුකම් රැසක්ද මෙයට ඇතුළත් කර තිබේ.

තවත් මාදිලියක්ද හඳුන්වා දෙයි

Desmo450 EDX මාදිලියට අමතරව ධාවන තරග සඳහා විශේෂයෙන් නිර්මාණය කළ Desmo450 MX Factory මාදිලියද ඉන්දියාවට හඳුන්වා දී තිබේ.

එහි මිල ඉන්දීය රුපියල් ලක්ෂ 21.26ක් ලෙස නියම කර ඇති අතර, ටයිටේනියම් Akrapovic පිටාර පද්ධතියක් සහ විශේෂ එන්ජින් සැකසුම් ඇතුළු පහසුකම් රැසක් එයට එක්කර තිබේ.

මේ අතර, 2026 වසරේ Desmo450 MX සාමාන්‍ය මාදිලිය ඉන්දීය වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 17.24ක මිලකට තවදුරටත් අලෙවි වන බවද වාර්තා වේ.

ප්‍රධාන බැංකුවක් බිඳ වැටෙයි - පාලනය මහ බැංකුව අතට - ජනපති ඉල්ලා අස්වෙයි - පැරගුවම අවුල් ජාලාවක් මැද උණුසුම් තත්වයක

ප්‍රධාන බැංකුවක් බිඳ වැටෙයි - පාලනය මහ බැංකුව අතට - ජනපති ඉල්ලා අස්වෙයි - පැරගුවම අවුල් ජාලාවක් මැද උණුසුම් තත්වයක