ඇමැතිතුමා කියන දේවල් මම දන්නේ නැහැ.. චක්‍රලේඛය වෙනස් කරලා නිල වශයෙන් ලැබෙන තුරු අපිට හිතුමතේ වැඩ කරන්න බැහැ.. TIN නිසා කාර්යාලයක උණුසුම් තත්ත්වයක්
වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සහ හිමිකම් පැවරීමේ කටයුතුවලට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය නොවන බවට අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා තිබුණ ද, අදාළ නිල චක්‍රලේඛ හෝ ගැසට් නිවේදන නිකුත් වනතුරු වාචික ප්‍රකාශ මත පමණක් කටයුතු කළ නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කිරීමත් සමඟ එම කාර්යාල පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යවරයාගේ ප්‍රකාශය පදනම් කරගනිමින් ජාතික හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කර සේවාවන් ලබාගැනීමට පැමිණි පාරිභෝගික ජනතාව සහ නිලධාරීන් අතර මෙම බහින්බස්වීම හටගෙන තිබෙන බව සඳහන්.
එහිදී පැමිණ සිටි ජනතාව පෙරදින පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේ ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත්, හැඳුනුම්පත ඉදිරිපත් කර සේවා ලබාගත හැකි බවත් යන බව පෙන්වා දී ඇති බව සඳහන්.
එහෙත් ඊට ප්‍රතිචාර දැක්වූ අදාළ නිලධාරියා තරයේ කියා ඇත්තේ කිසිවෙකුගේ වාචික ප්‍රකාශ මත රාජ්‍ය සේවකයින්ට කටයුතු කළ නොහැකි බවයි.
එමෙන්ම, "ඇමැතිතුමා කියන දේවල් මම දන්නේ නැහැ. කෙනෙක්ගේ වචනය නෙවෙයි රටේ නීතිය කියන්නේ. අපි බැඳිලා ඉන්නේ ගැසට් පත්‍ර, පනත් සහ චක්‍රලේඛ ක්‍රියාත්මක කරන්නයි. මාසයකට කලින් අපට ලැබුණු චක්‍රලේඛය තවමත් වෙනස් කරලා නැහැ. ඒ චක්‍රලේඛය වෙනස් කරලා නිල වශයෙන් ලැබෙන තුරු අපිට හිතුමතේ වැඩ කරන්න බැහැ. එහෙම නොවුණොත් හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ අපිටයි. නිලධාරීන් වැරදි උපදෙස් ක්‍රියාත්මක කරලා අමාරුවේ වැටුණු අවස්ථා ඕනෑතරම් තියෙනවා." යනුවෙන් පවසා ඇති බව සඳහන්.
එසේම කොමසාරිස්වරයාගේ උපදෙස් මත පවතින නීතිමය රාමුවට අනුකූලව පමණක් සේවා සැපයිය හැකි බව පෙන්වා දුන් අඳාළ නිලධාරියා, රජය මඟින් අදාළ සහන කාලය දීර්ඝ කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන්නේ නම් පමණක් ඒ අනුව කටයුතු කිරීමට සූදානම් බවද පැහැදිලි කළ බව සඳහන්.
කෙසේ වෙතත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී සහ වාහන ලියාපදිංචි කිරීමේදී ටින් (TIN) අංකය අනිවාර්ය කිරීමට රජය ගත් තීරණයත් සමඟ ඉකුත් දිනවල දිවයින පුරා විරෝධයක් මතු විය.
පසුව එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාවට සහන සලසන බවට දේශපාලන අධිකාරිය විවිධ ප්‍රකාශ නිකුත් කළද, රාජ්‍ය යාන්ත්‍රණය තුළ නිල ලේඛන හුවමාරු නොවීම නිසා ක්ෂේත්රයේ නිලධාරීන් සහ මහජනතාව මෙසේ දැඩි අපහසුතාවට පත්වන අයුරු දක්නට ලැබී ඇත.