තෙල් ගැටලුවක් ගැන අමුතුම හෙළිදරව්වක්..ඉදිරියෙදි කුමක් වෙයිද?

Sri Lanka Harsha de Silva Udaya gammanpila
By Aruna Nov 16, 2021 04:33 AM GMT
Aruna

Aruna

Report

තෙල් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැටලුවකට පත්වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සිය Twitter ගිණුමේ සඳහන් කර තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ A320/321 ගුවන් යානාවල කෙටි දුර ගමන්වලට ප්‍රමාණවත් ඉන්ධන ලබාගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත්, එම කෙටිදුර ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන කොළඹදී සපයා ගත යුතු වීම ඊට හේතුවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

“විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වඩා හොඳින් සවන් දිය යුතුයි.

ලොකු කතා කියන අජිත් නිවාඩ් කබ්රාල්ගේ සැලසුම් දිගටම අසාර්ථක වී ඇත” යැයි ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha