පෙට්‍රල් ලීටරය 150ට දීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..
සමගි ජන බලවේග පාලනයක් යටතේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 150ට ගෙන එන බවට ඇතැමුන් පැවසුවත් එය සිදු කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටිනවා.
පෙට‍්‍රල් 150ට දෙන බව තමන් නොපවසන බවත් එය කළ නොහැක්කක් බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
ඔහු ප්‍රශ්න කළේ, රුපියල් 150ට පෙට‍්‍රල් ලබා දෙන බව පවසා ඡන්ද ලබාගත හැකි නමුත් එම මුදලට පෙට්‍රල් දින කීයක් ලබාදිය හැකිද යන්නයි?
සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවා.
අද පැය 24ම විදුලිය ඇති බවත්, ඉන්ධන ගෑස් පෝලිම් නැති බවත් එය කුහක නොවී පිළිගත යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.