රජයේ දේපළ පැවරීම වළකාලන්නැයි පෙත්සමක්

petition renuka perera selendivas selendivas letuare
By Sewvandhi Jun 30, 2021 10:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම සහ සෙලෙන්දිවා ලෙෂර් ඉන්වෙන්ට්මන්ට් සමාගම් වෙත රජය සතු දේපළ පැවරීම, බදු දීම වළක්වාලන තහනම් නියෝගයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වෘත්තීය ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා යන අය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බව අධිකරණ වාර්තාකරු පැවසුවේය.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම, සෙලෙන්දිවා ලෙෂර් ඉන්වෙස්මන්ට් සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, රජයේ විගණකාධිපති වරයා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු 19 දෙනෙකු නම් කර තිබේ.

රජයේ හිමිකාරීත්වය යටතේ ස්ථාපිත කරන ලද ආදාළ සමාගම් වෙත වටිනා ඉඩම් ඇතුළු පොදු ජනතාවගේ දේපළ පවරා දීම මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරු පෙන්වා දෙයි. මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් ස්ථාපිත කර තිබෙන ජනතාවගේ පරමාධිපත්‍ය හා ස්වෛරීභාවය උල්ලංඝනය වන බවද පෙත්සමේ දක්වා ඇති බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha