වෙළඳසැල් වල ඇති මිල සඳහන් නැති බඩු සල්ලි නොදී නොමිලේ අරන් යන්න ජනතාවට ලැබුණු විශේෂ අවසරය.
වෙළෙඳසල් තුළ මිල ප්‍රදර්ශනය කර නොමැති සෑම භාණ්ඩයක්ම නොමිලේ රැගෙන යන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දී තිබෙනවා.
පෙරේදා (14) දිනයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පිටකොටුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසල් ඇතුළු වෙළෙඳසල් ගණනාවක වැටලීම් සිදු කරනු ලැබුවා.
එහිදී බහුතරයක් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකර තිබූ බවයි ඔවුන්ට දකින්න ලැබී ඇත්තේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව සෑම භාණ්ඩයකම මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි.
ඒ, අනුව සෑම භාණ්ඩයක්ම නොමිලේ ලබා ගන්නා ලෙසට ජනතාව දැනුවත් කර එය ක්‍රියාත්මක කිරීම හරහා බොහෝ දුරට මිල ප්‍රදර්ශනය කර අලෙවි කිරීමට වෙළෙඳුන් හුරු විය හැකි බව අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ.
මෙම වසරේ ජනවාරි මස සිට ජුනි මස දක්වා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම්වලින් වැරැදිකරුවන් වූ 13,493 දෙනකුට රුපියල් කෝටි 13කට අධික මුදලක් දඩ ලෙස නියමකර ඇත.
ඉන් නඩු පැවරීම්වලින් වරදකරුවන් හට රුපියල් දෙකෝටි තිස්හය ලක්ෂ හතළිස් එක්දහසක දඩ මුදලක් නියම කර ඇති අතර මෙම වැටලීම් අතරින් වැඩි වශයෙන් සිදුකර ඇත්තේ බිත්තර, සහල් සහ ශරීරයට අහිතකර ආලේපන ඇතුළු සුවඳ විලවුන් සම්බන්ධ වැටලීම්ය.
