ඇඳිරි නීතියට ජනතාවගේ පෙර සූදානම..බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්..

curfew covid19 lockdown nuwara eliya travel restriction
By Sewvandhi Aug 20, 2021 01:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන ඇදිරි නිතිය පනවන බවට ප්‍රකාශ කිරිමත් සමග හැටන්, නුවරඑලිය සහ වතුකරයේ ප්‍රධාන නගර වලට (20) දින පාරිභෝගික පිරිසක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පැමිණෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල් වලට මෙන්ම මහජන වෙදලපොලේද විශාල පාරිභෝගික සංඛ්‍යාවක් රැදි සිටි අතර , ඉන්ධන ලබා ගැනිමට ඉන්ධන පිරවුම්හල් අසල විශාල පිරිසක් රැදි සිටින අයුරු දක්නට ලැබුණි.

මත්පැන් අලෙවිසැල් අසල මත්පැන් මිල දි ගැනිමට විශාල ජනතාවක් පැමිණ සිටිහ.

එමෙන්ම,ඉන්ධන හිගයක් ඇති වන බවට පැතිර යන රාවයත් සමග නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනිමට දිගු පොලිම් වල (20) දින රැදි සිටියහ.

රථ වාහන වලට මෙන්ම කුඩා කැන් සහ ලොරි රථවල පැටවු බැරල් වලින් ඉන්ධන රැගෙන යාමට විශාල පිරිසක් නුවරඑලිය වටරවුම් පාර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට පිරිස් එක්රැස්වි සිටියේ. රථ වාහන රියදුරන් කියා සිටියේ තම වාහනයට ඉන්ධන ලබා ගැනිමට පැය කිහිපයක් ඉන්ධන පිරවුම්හල් අසල රැදි සිටිමට සිදු වු බවයි.

මේ අතර,නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙලදාම සදහා පමණක් විවෘත කර ඇති බවත්,පිටස්තර පුද්ගලයන්ට ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල්විමට ඉඩ ලබා නොදෙන බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් ආරුණ ශාන්ත මහතා පැවසිය. නුවරඑලිය අර්ථික මධ්‍යස්ථානයේදි 19 දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ.

රජයේ නිකුත් කර තිබෙන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථායේ කටයුතු පවත්වාගෙන යන බවයි. වැඩිදුරටත් අදහස් දැක් වු නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත මහතා කියා සිටියේ. ගිය සතියේ එහෙම නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එලවළු ලක්ෂ දෙකක් , දෙකහාමාරක් පමණ එලියට ගියා.

නමුත් මේ වන විට සැහෙන්න අඩු වෙලා තියෙනවා එකට එකක් වගේ. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ගොවින් ගාවට ගිහින් තමයි එලවළු ගන්නේ ,නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට අනවශ්‍ය පුද්ගලයන්ට එන්න දෙන්නේ නැ. සිල්ලර වෙලදාම 10% වඩා අඩු ප්‍රමාණයක් තමයි ආර්ථික මධ්‍යස්ථානය තුල සිදු කරන්නේ.

රජයෙන් නිකුත් කරලා තියෙන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව තමයි අපි කටයුතු කරන්නේ. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල බලනකොට අල හිගයක් තියෙනවා ,අනිත් එලවළු සමාන්‍ය මට්ටමේ පවතිනවා. ආර්ථික මධ්‍යස්ථාන පවතින්නේ ගොවිතැනින් , ගොවිතැනින් ජිවත් වන අය අද දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා පොහොර නොමැති විම නිසා.

රජයෙන් අක්කරයකට පොහොර මිටි 4 ක් විතර දෙනවා , ඒ පොහොර ටිකෙන් අපිට මේක කරන්න බැ. මේ යන විදිහට ලංකාව තව මාස 06 කින් වගේ දැඩි ආහාර හිගයකට ලක් වෙනවා එලවළු නොමැති විමෙන්. රජය මේ කරපු වැඩේ හොදයි නමුත් ඒක කරන්න ඕනි ක්‍රමවේදයකට , පසක් කාබනික පොහොර සදහා හුරු කිරිමට අවුරුදු පහක් පමණ යනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGallery