පෙබරවාරී 04 සිදුවෙන විශේෂ දෙයක් ගැන දැනුම්දෙයි
මෙවර 78 වන නිදහස් සැමරුම "ගොඩනගමු ශ්‍රී ලංකා" යන තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා එහි පෙළපාලිය සඳහා පෙර පුහුණු වැඩසටහන් ජනවාරි 30 සහ 31, සහ පෙබරවාරි 1 සහ 2 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිත බව පැවසීය.
එම 78 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද දියත් කිරීමට තීරණය කර තිබේ.