චීනයෙන් මෙරටට සහය දෙන්න යන්න අලුත්ම වැඩේ මෙන්න
මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීම සඳහා චීන නෞකාවක් මේ වනවිට මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව නෞකාව ගිලී ඇති ප්‍රදේශයේ සිට කිලෝමීටරයක් පමණ වූ වපසරිය තුළ මේ වනවිටත් එය ඉවත් කිරීමට අදාළ අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ. එසේම, මුහුදුබත් වූ බහළුම් ඉවත් කිරීම සඳහා මීට පෙර මෙරටට පැමිණි ඇමරිකානු සමාගමකට අයත් නෞකාව මේ වනවිට බහළුම් සියයකට අධික ප්‍රමාණයක් ඉවත් කර තිබෙනවා.
400කට ආසන්න මුහුදුබත් වූ බහළුම් ප්‍රමාණයක් අදාළ නෞකාව විසින් මීට පෙර හඳුනාගෙන තිබූ අතර, සෙසු බහළුම් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ. ඒ අනුව එලෙස ඉවත් කෙරුණු බහළුම් මේ වනවිට වත්තල ප්‍රදේශයේ පිහිටි අංගනයක තැන්පත් කර තිබෙනවා. අදාළ අංගනයේ කටයුතු පිළිබඳ අධීක්ෂණය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරියෙකු සහ රේගු නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බව ද සඳහන්. මෙලෙස ඉවත් කෙරෙන සියලු බහළුම් හිතකර අන්දමින් කළමනාකරණය කිරීමට මෙරටදී හැකියාව පවතින්නේ නම් ඒවා සිදු කෙරෙන අතර, එසේ කළ නොහැකි දෑ මෙරටින් ඉවත් කිරීමට අදාළ සමාගම කටයුතු කරනු ඇති.
මෙම කටයුතු සඳහා අවශ්‍ය සියලු වියදම් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගම විසින් දරනු ලබනු ඇති. නෞකාව අනතුරට ලක්වීමෙන් අනතුරුව සිදුකරන ලද මෙහෙයුම් වියදම් සඳහා මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 3.6 ක් මෙරටට ලැබි ඇති අතර, අනෙකුත් මෙහෙයුම් කටයුතු සඳහා දැරූ වියදම් ප්‍රතිපූරණය කර ගැනීමට නියමිතව තිබෙනවා
. කෙසේ වෙතත්, පරිසරයට සිදුවූ හානියට අදාළ වන්දිය මේ වනතෙක් ගණනය කර නැහැ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ එම කටයුතු තවදුරටත් ප්‍රමාද වන අතර, එය අවසන් කිරීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බවයි. නෞකාවේ කොටස් සහ බහාළුම් ඉවත් කර නොමැති බැවින් පරිසරයට සිදුවූ හානිය නිශ්චිත ලෙස හෝ ගණනය කිරීමට තවමත් හැකියාවක් නොමැති වීම ඊට හේතුව බව එම අධිකාරිය පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |