PCR වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ ස්ථානයක් අල්ලයි..ගහපු අමුතුම ගේම මෙන්න.(PHOTOS)

Police Sri Lanka Pcr report fake Kochchikade porathota
By Aruna Dec 24, 2021 04:38 AM GMT
Aruna

Aruna

Report

ව්‍යාජ ලෙස PCR වාර්තා සකස් කර මුදලට අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු කොච්චිකඩේ – පෝරතොට ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද PCR වාර්තා 17 ක්, පරිගණකයක් , ජංගම දුරකථන 5 ක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විදේශගතවන පුද්ගලයන් සඳහා මෙම ව්‍යාජ PCR වාර්තා මුදලට අලෙවි කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් වයස අවුරුදු 21හා 37 අතර පසුවන කොච්චිකඩේ සහ රද්දොළුගම පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery