බාල ඖෂධ වැඩි මිලට ගෙන්වන කෙහෙළියගේ අලුත්ම සෙල්ලම ගැන අනාවරණයක්.(VIDEO)
මෙරට පවතින ඖෂධ හිඟයට විසඳුම් සොයාගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාවට ගොස තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු මෙලෙස ගොස් ඇත්තේ, ලංකාවේ ඖෂධ වල ගුණාත්මක භාවය සම්බන්ධ, ලියාපදිංචි කිරීම සම්බන්ධ බලය සහිත ජාතික ඖෂධ නියාමන අධිකාරයේ ලියාපදිංචියක් නොමැති සහ වලංගු ලියාපදිංචියක් නොමැති ඖෂධ වර්ග 28ක් ලංකාවට ගෙන්වීම සඳහා වන එකඟතාවක් හදාගන්න බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසන්නේ.
ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඖෂධ ගෙන්වීමේ මුවාවෙන් රජය නටන්න හදන අලුත් නාඩගමක් ගැනයි.
ඒ, මෙරට දැඩි ඖෂධ හිඟයක් පවතිද්දීත් ඊට පිළියම් යොදන්නේ නැතිව හිඟය උග්‍ර වන තුරු ඉඳලා හදිසි මිලදී ගැනීම් මුවාවෙන් ටෙන්ඩර් පටිපාටියක් නැතිව වැඩි මිලට, ගුණාත්මක භාවයෙන් අඩු බාලා ඖෂධ ගෙන්වීමට කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු රජය කටයුතු කරන බවයි.
මෙම මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ වැඩිදුරටත් කරුණු අවධාරණය කළේ මෙලෙසින්,