පයාගල කළබපු වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිය දොඩංගොඩදී ගිනි ගනිමින් තිබියදී සොයා ගනී
පයාගල කොස්හේන ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය අද උදෑසන දොඩංගොඩ පොලිස් වසමේ ඇළදූව ප්‍රදේශයේ රබර් වත්තක ගිනි ගනිමින් තිබියදී සොයා ගත් බව දොඩංගොඩ පොලීසිය සදහන් කර තිබේ .
ඊයේ (31) රාත්‍රියේ සිදුවූ පයාගල, ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇත
මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "පානදුර නිලංග" නැමැත්තාගේ මස්සිනා වන "ඩිලා" නමැති අයයි.