''17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන්'' - බලංගොඩ පොලීසියෙන් මහජන සහාය ඉල්ලයි

Report

බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන් වී ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකි.

ඔවුන් ඊයේ (31) උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටත්ව ගොස් ඇති අතර, පසුව යළි නිවෙස් වෙත පැමිණ නොමැති බව ඔවුන්ගේ දෙමාපියන් පවසයි.

අතුරුදන් වූ සිසුවියන් පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙකු වෙතොත් වහාම බලංගොඩ පොලිස් ස්ථානයට හෝ ඔවුන්ගේ දෙමාපියන් වෙත දැනුම් දෙන ලෙස පොලිසිය සහ දෙමාපියන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බලංගොඩ පොලිස් ස්ථානය: 045-2287222 දෙමාපියන්ගේ දුරකථන අංක: 076-7070913 / 077-1658788 සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

ගෙවුණු මාසයේත් ඩෙංගු රෝගීන් දහස් ගණනක් වර්තාවෙයි - රෝගීන් සහ අධි අවදානම් කලාප මෙන්න

ගෙවුණු මාසයේත් ඩෙංගු රෝගීන් දහස් ගණනක් වර්තාවෙයි - රෝගීන් සහ අධි අවදානම් කලාප මෙන්න

කළු ගඟේ සැඩ පහරට හසුවූ සස්මිත සොයා මෙහෙයුම් තවදුරටත්

කළු ගඟේ සැඩ පහරට හසුවූ සස්මිත සොයා මෙහෙයුම් තවදුරටත්