දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙයි - මගීන්ට දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් නිවේදනයක්

Report

දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ බලවේග කට්ටලයක් සහ දුම්රිය එන්ජිමක් නොමැතිවීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බවයි.

එම සංගමය කියා සිටියේ උදෑසන 5.55ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය සහ පස්වරු 4.00ට කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය කිරීමට නියමිත දුම්රිය ගමන් වාර ඊයේ (31) සහ අද (01) අවලංගු කර ඇති බවයි.

ත්‍රීවිල් පදින්න අවසර අවුරුදු 40ට වැඩි අයට විතරද? අලුත් නීතිය ගැන ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සංගමය කට අරී

ත්‍රීවිල් පදින්න අවසර අවුරුදු 40ට වැඩි අයට විතරද? අලුත් නීතිය ගැන ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සංගමය කට අරී

මීට අමතරව ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පාර්සල් ප්‍රවාහන දුම්රිය සඳහා යෙදවීමට දුම්රිය එන්ජිමක් නොමැතිවීම හේතුවෙන් ද එම දුම්රියේ ගමන් වාර දෙකද ඊයේ අවලංගු විය.

මේ අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කළුතර, මග්ගොන ද්විත්ව දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතු ඊයේ ආරම්භ කර ඇත.

ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි

ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි