හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට
දෙහිවල–ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටින බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබාදීමට ඔහු පැමිණ ඇති බව වාර්තා වේ.
ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ කරුණු පිළිබඳව ධනසිරි අමරතුංග මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් වේ.