කොවිඩ් නව රැල්ලක් මෙරට නෑ...?
රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් පසුගිය දින කිහිපයේ දී ඉහළ ගොස් තිබුණද නව කොරෝනා රැල්ලක් මතුව ඇතැයි නිශ්චිත වශයෙන් තොරතුරු ඉදිරිපත් කල නොහැකි බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
පසුගිය සතියේ දී දිනකට ආසාදිතයන් 2000-2500ක් අතර සංඛ්‍යාවක් වාර්තා වෙමින් ඇතැයි ද ඇය පැවසීය. ආසන්න කාලය තුළ ගෝලීයවත් දකුණු ආසියානු කලාපයේත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ඇති බවත් ඒ හා සමාන්තරව ශ්‍රී ලංකාවේ ද රෝගීන් ඉහළ ගොස් ඇති බවත් ඇය කියා සිටියාය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුව සාර්ථක එන්නත්කරන සහ නිරෝධායන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාම මත මහා රැලි ඇතිවීම වළක්වා ගත හැකි වනු ඇතැයි ද ඇය පැවසුවාය.පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිනිය මේ බව කියා සිටියාය.
මෙ අතර, නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ගතවූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 94දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 53453ක් වන බවයි.
එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 13කදී සිදුකළ පරීක්ෂාවන්වලදී පුද්ගලයන් 7103දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
පුද්ගලයන් 198ක් පළාත් සංචරණ මායිම් උල්ලංඝණය කර ගමන් කිරීමට පැමිණීමේදී පැමිණි වාහන 68ක් ද සමග අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |