පැතුම් නිශ්ශංකගෙන් විශේෂ ප්‍රකාශයක්..
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමඟ සාකච්ඡා කර ඔහුට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීන් නවාස් පවසයි. උඩ පන්දුවක් ගිලිහීයාමේ සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ප්‍රකාශයන් ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීන් නවාස් මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීන් නවාස්, "අපි ගිය තරගයෙන් පස්සේ පැතුම් එක්ක කතා කරලා ඒක එයාගේ ඔළුවෙන් අයින් කරලා තියෙන්නේ. එහෙම උඩ පන්දුවක් ගිලිහී යනවා කියන්නේ ඕනෙම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක් පැතුම් කියලවත්, වෙන කවුරුහරි කියලාවත් අපිට එයාව ටාගට් කරලා ඒ මැච් එක පැරදුනේ එයා හින්දා කියලා කවදාවත් කියන්න බෑ.
ක්‍රිකට්වල පළවෙනිවතාව නෙවෙයි මෙහෙම දේවල් වෙලා තියෙන්නේ අන්තිම වතාවත් නෙවෙයි. ඉස්සරහටත් මේක වෙනවා. අපි එක ක්‍රීඩකයෙක්ව ටාගට් කරලා මැච් එක පැරදුණේ එයා නිසා කියලා එහෙම කරන එක මම හිතනවා වැරදියි කියලා. මම හිතන්නේ නෑ පැතුම් ඒක ගැන ගොඩක් හිතනවා කියලා.
T 20 ක්‍රිකට්වල ක්‍රීඩා කරනකොට මම හිතන්නේ හයි රිස්ක් බැටින්වල ලකුණු ලබාගන්න ක්‍රීඩා කරනකොට රිස්ක් එක ගොඩක් වැඩියෙන් ගන්නවෙන වෙලාවල් තියෙනවා ඒ වෙලාවල්වල කඩුලු දැවී යන වෙලාවල් තියෙනවා.පැතුම්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ මැච් එකට යනකොට කළින් මැච්වල වෙච්ච සිද්ධි ඔළුවෙන් අමතක කරලා . එදාට ගිහිල්ලා එදා එන පන්දුවට පහරදෙන එක."