පාඨලීගේ නඩුව ලබන වසරට කල් යයි.

Sri Lanka Sri Lanka Magistrate Court Accident
By Hashini Sep 25, 2023 07:31 AM GMT
Hashini

Hashini

Report

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු මස 31 වනදා දක්වා අද (25) කල් දැමුණා.

ඒ 2016 වසරේ පෙබරවාරි මස 28 වනසා රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධියකට අදාළවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත එම තීරණය ගෙන තිබෙනවා.

මෙම නඩු විභාගය වළක්වමින් ඉහළ අධිකරණයෙන් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන වසරේ ජනවාරි 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥවරයා අධිකරණය වෙත කරුණු දක්වා තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව කල් දැමීමට කටයුතු කර තිබුණේ ඒ අනුවයි. 

ReeCha