වැරදුණ හොර පාස්පොට් හැදිල්ල.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Passport
By krishani Jun 26, 2023 07:57 AM GMT
krishani

krishani

Report

අපරාධකරුවන්ට රටින් පැන යාමට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කළ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කඩවත සහ හෝමාගම යන ප්‍රදේශවල දී ය. 

ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී කඩවත ප්‍රදේශයේ දී අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අදාළව ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හෝමාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණින.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරිල්ලවල, පිළියන්දල සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

කෙසේවෙතත් පොලිසිය සඳහන් කළේ, ඔවුන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බවයි.