පාස්පෝට් ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක්.
Sri Lanka
Department of Immigration & Emigration
Passport
By krishani
එක දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකක් තුළ ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ බව එහි පාලක ජනරාල් හර්ෂ ඉළුක්පිටිය මහතා බත්තරමුල්ල සුහුරුපායේ පවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.
පසු ගිය කාලය තුළ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අධික තදබදයක් පැවතියේ ය.
ඒ පැවති තදබදය හමුවේ කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට මහජනතාව කටයුතු කිරීමේ දී තරව්කරුවන්ට හසුව බොහෝ දෙනෙකු විවිධ අපහසුතාවන්ට මුහුණ දුන් බව ද වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |