ඉතිහාසයේ වැඩිම මගීන් ප්‍රමාණයක් මාකුඹුරට..ගුවන් යානා දෙකකුත් හරවා යවයි..

Bandaranaike International Airport Sri Lanka Southern Province Mattala International Airport
By Aruna May 05, 2023 02:30 AM GMT
Aruna

Aruna

Report

ඉතිහාසය තුළ වැඩිම මගීන් ප්‍රමාණයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණි දිනය අද(05) දිනය බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉතා විශාල මගී ප්‍රමාණයක් අන්තර් පළාත් සඳහා ගමන් කිරීමට මෙලෙස පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

තංගල්ල හම්බන්තොට,ඇල්පිටිය, දෙනියාය,කතරගම, බදුල්ල, අම්පාර වැනි ස්ථාන සඳහා මගීන් විශාල ප්‍රමාණයක් ගමන් කිරීමට පමිණ තිබූ බවයි වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මේ අතර කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ (04) රාත්‍රී පැවති අධික වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ඊයේ (04) රාත්‍රී 10.25 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කෙරුණා.

එම ගුවන් යානය ඊයේ (04) රාත්‍රී 11.35ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

මෙම ගුවන් යානය තුළ මගීන් 297 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි බවටයි වාර්තා වෙන්නේ.

මේ වනවිට එම ගුවන් යානය තුළ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බස් රථ මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.

මීට අමතරව මාලදිවයින මාලේ සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 104 දරන ගුවන් යානය ඊයේ (04) රාත්‍රී 10.55ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණ තිබුණා.

කෙසේවෙතත් මෙම ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපළ අවට ඒ වනවිට පැවති අයහපත් කාළගුණික තත්ත්වය නිසා අද (05) අලුයම 12.02ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබූ ඇති නමුත් එම යානය තුළ සිටි මගීන් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය, එම ගුවන් යානයෙන් පිටතට බස්වා නොතිබුණ බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් ඊට ස්වල්ප වේලාවකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්ත්වය යහපත් වීමත් සමග මෙම ගුවන් යානය යළිත් මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වී අද (05) දින අලුයම 01.51ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now