ජුලි 01 වන දා සිට වැඩිවන ගාස්තු ගැන දැනුම්දීමක්..

Manusha Nanayakkara Sri Lanka Politician Sri Lanka Passport
By Aruna Jun 30, 2023 12:08 AM GMT
Aruna

Aruna

Report

ජුලි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන සංශෝධිත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2023 ජූනි මස 23 වන දිනැති අංක 2337/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කළා.

මේ අතර රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබීමද විශේෂත්වයක්.

එසේම විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම සඳහා කාර්යාංශය විසින් බලපත්‍ර ලබාදෙනුයේ වසරක කාලසීමාවක් සඳහා වන අතර, එම ආයතනය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීම පනතේ විධි විධාන යටතේ සිදුකළ යුතුවනවා.

වැඩිදුර තොරතුරු, කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 1989 ඇමතීම මගින් ලබාගත හැකි බව දන්වා තිබේ.

අදාළ ගැසට් නිවේදනයට අනුව 2023.06.27 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කර ඇති නියෝගය පරිදි සංශෝධනය කර ඇති ගාස්තු පහතින්.

1) විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව පැවති අගය - රු.17,928.00 (බදු සමග)

නව අගය - රු.21,467.00 (බදු සමග)

2) ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව පැවති අගය - රු.3,774.00 (බදු සමග)

නව අගය - රු.4,483.00 (බදු සමග)

3) රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව පැවති අගය - රු.58,974.00 (බදු සමග)

නව අගය - රු.117,949.00 (බදු සමග)