විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් හදිසියේ ගත් තීරණය මෙන්න..
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට පණිවිඩයක් එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල බොහෝ පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම ඊට හේතුවෙනි.
සාමාන්‍යයෙන් දෛනිකව එක්දින සේවාව යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය දෙදහසක් පමණ වේ.
එම ප්‍රමාණය 3,500 ක් දක්වා ඉහළ දැමීමටයි මේ වනවිට තීරණය වී ඇත.
ඒ සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සේවා මුර දෙකක් යටතේ කැඳවීමට ද තීරණය කර තිබේ.
ඒ අනුව පෙරවරු 07 සිට පස්වරු 02 දක්වා සහ පස්වරු 02 සිට රාත්‍රී 10 දක්වා මෙම සේවාමුර 02 ක්‍රියාත්මකයි.
මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හෙට (13) දිනයේදී සාමාන්‍ය පරිදි විවෘත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට (13දා) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙසේ එම දෙපාර්තමේන්තුව විවෘතව තැබෙයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රා දේශිය කාර්යාලයද හෙට දිනයේ විවෘතව තැබෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |