වැට් බදු පනත් කෙටුම්පත සමඟ අදත් පාර්ලිමේන්තු විවාදය ඇරඹුණේ මෙලෙසින්. - LIVE
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අද (11) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.
ඒ, අනුව අද පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති අතර , පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.
අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විරුද්ධ පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට සහ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව ඇත.
එය ඊයේ (10) පැවැත්වීමට නිමිතව තිබුණ ද පාර්ලිමේන්තුවේ ගණපූර්ණය නොමැති වීම හේතුවෙන් සභාවේ කටයුතු අද දිනය දක්වා කල් තබනු ලැබුවා.