ත්‍රිවිධ හමුදාව පොලිසිය වගේ ඇදගෙන අපරාධ? ජනපති ඇතුළු ප්රභූන්ගේ ආරක්ෂාව ඉහළට
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති, අගමැති, ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය නායකයන් සහභාගී වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යොදවන සියලුම නිලධාරීන්ගේ සත්‍ය අනන්‍යතාව හදුනා ගැනීම මෙහි අරමුණයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ ආරක්ෂක කටයුතු වලදී නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බවයි. ඊට අනුව ආරක්ෂක රාජකාරි, රථ වාහන පාලන, සෞඛ්‍ය ඇතුළු ඕනෑම සේවයක නිරත වන නිලධාරීන්ගේ තොරතුරු නිවැරදිව පරීක්ෂා කළ යුතු බවද ඔහු පැහැදිලි කරයි.
විශේෂ උත්සව අවස්ථාවලදී ආරක්ෂක කලාප හඳුනාගැනීම සඳහා භාවිත කරන වර්ණවත් අත් පළඳනා, පටි, බැජ් හෝ වෙනත් සංකේත නිකුත් කිරීමේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කිරීමත් ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරසී අපරාධ සිදුකිරීමට තර්ජනයක් පවතින බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
පසුගිය දිනෙක ව්‍යාජ නීතිඥයකු අධිකරණය තුළදී පුද්ගලයකුට වෙඩි තැබීම වැනි සිදුවීම් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ අතර මෙවැනි අනතුරුදායක තත්ත්වයන් වැළැක්වීම සඳහා සෑම නිලධාරියෙකුගේම පෞද්ගලික අවධානය යොමු කරමින් අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අවධාරණය කර ඇත.