පාර්ලිමේන්තුවේ ඇතුළේ සිදු වෙන්න යන අලුත්ම වෙනස මෙන්න.. තීරණාත්මකයි..
පසුගිය 09 වැනිදා දිවයින පුරා ඇති වූ කලහකාරී සිදුවීමෙන් අනතුරුව සහ අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ පත් කිරීමෙන් පසුව අනිද්දා (17) පළමුවරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.
එහිදි රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ එම ධුරයට අයෙකු තෝරා පත්කර ගැනීම ද සිදු කිරීමට ද නියමිතව ඇත.
සමගි ජන බලවේගයෙන් ඒ සඳහා රෝහිණී කවිරත්නගේ නම ඉදිරිපත් කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂගේ නම ඉදිරිපත් කරන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඊයේ(14) ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |