රටේ තත්ත්වය භයානයකයි - පැතිරෙන්න පුළුවන්, මොකද්ද ඒ ඇහෙන අලුත් කතාව..

announcement parliament Sri lanka sinhala news today trending news Mr.Ranil Wickramasinghe
By krishani Apr 20, 2022 05:06 AM GMT
krishani

krishani

Report

අද රට තුළ පවතින තත්ත්වය ඉතා භයානක බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කළ අතර එහිදී ඊයේ (19) දින රඹුක්කන ප්‍රදේශයේ හට ගත් ගැටුම පිළිබඳ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

"අද රටේ තියෙන තත්ත්වය භයානයකයි. අපි තීරණය කළ යුතුයි මොකද්ද අපි කරන්නේ කියලා. අද පැතිරෙන්න පුළුවන්. මට ආරංචි වෙලා තියෙනවා එක එක ප්‍රදේශවලට මේක පැතිරෙන්න පුළුවන් කියලා. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. අපිට තියෙන විකල්පත් සීමාවෙලා තියෙන්නේ. මම මියගිය පුද්ගලයාගේ භාර්යාවටත් කතා කළා. ඒ පවුල ගැනත් අපිට වැඩකටයුතු කරන්න තියෙනවා."

කෙසේවෙතත් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට කරගෙන යෑමට උත්සහ ගැනීමේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට විරුද්ධ වෙමින් පවසා සිටියේ‍ පාර්ලිමේන්තුව තුළ ඒ මොහොතේ රඹුක්කන ඇති වූ ගැටුම පිළිබඳ කතා කළ යුතු බවය.

ඒ අවස්ථාවේදී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබීය.